-->

Monday, July 9, 2012

මැදපෙරදිග බලා යන ඔබ ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ?


සෑහෙන කාලෙකින් කිසිම දෙයක් ලියන්න ‍බැරිවුනා නොයෙක් හේතු නිසා.

දිවයින පත්තරේ තිබුන රට රැකියා කරන අයට වැදගත් වෙන ලිපියක් දැක්කාම මගේ බොලොග් එක මතක්වුනා. කියවල බලන්න කැමති කට්ටිය. හැබැයි ඉතින් බ්ලොග් ලියන බලන කට්ටියනම් මේවා දන්නවා ඇති. අන්තරජාලයේ රවුම් නොගහන අයට ප්‍රින්ට්අවුට් ටිකක් අරගෙන බෙදල දෙන්නත් හිතාගත්තා.
උපුටා ගැනීම 9 ජූලි 2012 දිවයින



මැදපෙරදිග බලා යන ඔබ
ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ?

පළමුවෙන්ම අපි ඔබට ප්‍රීතිමත් ගමනකට සුබ පතමු. ඇතැම් විටෙක මෙය ඔබගේ රැකියාව පිණිස විදේශගත වන පළමු අවස්‌ථාව නොවනු ඇත. පළමු වරට යන අයට රැකියා කරන කාලය පුරා අත්දැකීම් රාශියක්‌
රැස්‌ කරගත හැකි වනු ඇත. ඔබ, ඔබේ පවුලේ යහපත උදෙසා නොදන්නා රටක නොදන්නා පිරිසක්‌ අතර රැකියාව පිණිස යන්නේය. ඉඩම් කොටසක්‌ මිලට ගැනීම, නිවසක්‌ ගොඩනඟා ගැනීම, ඔබගේ දරුවාගේ
අධ්යායපනය සම්පූර්ණ කරගැනීම, ව්යා,පාරයක්‌ ආරම්භ කිරීම, නැතිනම් ඔබ දියණියගේ විවාහ මංගල්‍යය පිණිස යම් මුදලක්‌ රැස්‌ කර ගැනීම ඔබගේ සිහිනය වන්නට පුළුවන. සිහිනය කුමක්‌ වුවද අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරමු.

ඇත්තවශයෙන්ම සොයුර, සොයුරිය, ඔබ රැකියාවේ යෙදෙන්නේ ඔබගේ පවුලේ යහපත වෙනුවෙන්ම පමණක්‌ම නොව අපේ රට ද වෙනුවෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනුව 2010 වසරේදී පුද්ගලික විදේශ විනිමය ඉපැයීම්වලින් 60% ක්‌,එනම්රුපියල්279,688,000,000.00 ක්‌ ඔබ මෙරටට ගෙනැවිත් ඇත. රට වෙනුවෙන් ඔබගේ සේවය අගයනු වස්‌ ඔබට පහසුකම් සැපයීම පිණිස රජය විසින් විවිධ පියවර ගනු ලැබ ඇත. ඔබ හා ඔබ පවුලේ සුබසාධනය උදෙසා 1985 දී ශ්රීට ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය ස්‌ථාපනය කරනු ලැබීය. එම කාර්යාංශය විසින් ඔබට ලබාදෙන සේවාවන් අතර විදේශ රැකියා රක්ෂරණ යෝජනා ක්‍රමය, ඔබගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්හට ලිපි ද්‍රව්‍ය හා වෙනත් වැදගත් අධ්‍යාපන උපකරණ ලබාදීම, ඔබගේ දරුවන් වෙනුවෙන් අවශ්‍යතා සැපයුම පිණිස විශේෂ ඒකකයක්‌ පිහිටුවීම, නිවාසහා ස්‌වයංරැකියා වෙනුවෙන් ණය පහුසකම් සැපයීම, සේසත විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමය ඇති කිරීම, අසනීප හේතුවෙන් ලංකාවට ආපසු පැමිණියහොත් වෛද්‍ය  ප්‍රතිකාර ලබාදීම, සහන පියස සුබසාධක සේවා මධ්‍යස්‌ථානය, සංවර්ධන වැඩසටහන් කිරීම,අවශ්‍යපුහුණුවලබාදීම,විශේෂ තොරතුරු ලබාදීම ඇතුළත්ය. 
රජය විසින් සපයනු ලබන තවත් පහසුකමක්‌ වනුයේ තීරුබදු හා වෙනත් බදු ගෙවීම්වලින් තොරව භාණ්‌ඩ රැගෙන ඒමට ඉඩකඩ ලබාදීමයි. ඔබ විදේශයන්හි ගත කළ කාලසීමාව පදනම් කරගෙන තීරුබදු සහ දීමනාවන් රජය විසින් ලබාදී ඇත. රේගු අධ්‍යෂක ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන විටෙකදී හැර මෙම දීමනාවන් වසරක (දින 365 කට) එක්‌ වරක්‌ පමණක්‌ ලබාදෙනු ඇත.එකී දීමනාවන් යටතේ මගියාගේ ගමන් මල්ලක අඩංගු විය යුතු අවසර ලැබෙන භාණ්‌ඩ/ද්රගව්ය  හා ඒවාට අදාළ ප්‍රමාණයන් නියම කර ඇත. කෙසේ නමුත් ඔබ විසින් අමතක නොකළ යුතු කරුණු කිහිපයක්‌ වේ. බදු අය කරනු ලබන ඇතැම් භාණ්‌ඩ කිහිපයක්‌ ඇති අතර බදු නිදහස්‌ දීමනා ක්‍රමය යටතේ ඒවා ආවරණය නොවනු ඇත.
ඒවායින් සමහරක්‌ වනුයේ, 
(i) LCD රූපවාහිනී යන්ත්රඅ අඟල් 42 ට වැඩි, (ii) CRT රූපවාහිනි යන්ත්‍රඅඟල් 29 ට වැඩි, (iii) වායු සමීකරණ යන්ත්ර , (iv) අධි ශීතකරණ, (v) විදුලි උඳුන් (ලිප් හතර), (vi) ශීතකරණ (ලීටර් 500 ට වැඩි),
(vii) පිඟන් සෝදන යන්ත්රී, (viii) ඉන්ධන ධාරිතාව 250ට වැඩි යතුරුපැදි. ඊට අමතරව රට තුළට ආනයනය තහනම් කරනු ලැබ ඇති තවත් සමහර භාණ්‌ඩ කිහිපයක්‌ ද ඇති අතර ඒවා නම්, (1) මත්ද්‍රව්‍ය හෝ මානසික ක්‍රියාකාරිත්වය විකෘතිවීම කෙරේ බලපාන ඖෂධ, (2) අසභ්‍ය  පින්තූර, සීඩි තැටි හෝ ලේඛන. 
ඉහත දැක්‌වූ ආනයනය තහනම් කරනු ලැබ ඇති භාණ්‌ඩ ගෙන්වනු ලැබුවහොත් ඔබට අධික දඩමුදල් ගෙවීමට සිදුවනු අතර, බන්ධනාගාර ගතවීමට ද ඉඩ ඇත. මීට අමතරව වාණිජ ප්‍රමාණයන්ගෙන් භාණ්‌ඩ ගෙන ආ කල්හි බදු හා දඩ මුදල් ද ගෙවීමට සිදුවනු ඇත. එසේම අනෙක්‌ අය සතු දේ රැගෙන ඒම ද වරදක්‌ වේ.තවද රටට ආනයනය කිරීම සීමා කරනු ලැබ ඇති සහ ආනයනය කිරීමට අදාළ අධිකාරියෙන් බලපත්‍රයක්‌ හෝ
අවසර පත්‍රයක්‌ ලබාගත යුතු භාණ්‌ඩ වර්ග ද වේ. ඒවායින් සමහරක්‌ පහත දක්‌වා ඇත.
(1) සතුන් හා පැලෑටි, (2) ආයුධ හා මූනිස්‌සම්, (3) විද්යුත් සන්නිවේදන උපකරණ, (4) යතුරුපැදි (ඉන්ධන ධාරිතාව 350 ට වැඩියෙන් හෝ පළමු ලියාපදිංචියෙන් වසර තුනකට වඩා පැරැණි). 
රජය විසින් ඔබට අවශ්‍ය ද්‍රව්‍යයන් රටට ගෙන එනු ලැබීමට එවැනි අවස්‌ථාවක්‌ ලබාදී ඇතත් ඔබගෙන් වැඩිදෙනෙක්‌ එහි ප්‍රතිලාභ ලබාගෙන නොමැත. රේගු නිලධාරින් ලෙසින් වසර ගණනක්‌ තිස්‌සේ අප ඔබගේ
ගමන් බඩු පරීක්ෂාන කර ඇත. අපගේ අත්දැකීමට අනුව ඔබගෙන් වැඩි දෙනෙක්‌ භාණ්‌ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක්‌ වියදම් කරමින් වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ ලංකාවට ගෙන එයි. හොඳින් කල්පනා කළහොත් එතරම් අධික මුදල් ප්‍රමාණයක්‌ ඔබ විසින් ආනයනය කරන භාණ්‌ඩවලට වියදම් නොකරම දේශීය වෙළෙඳපොළේදී එම භාණ්‌ඩම ඔබ විසින් වියදම් කළ මුදලට වඩා අඩුවෙන් මිලදී ගත හැකි වන බව ඔබට වැටහෙනු ඇත. අනෙක්‌ අතට බොහෝවිට ඔබ විසින් ගෙන්වනු ලබන භාණ්‌ඩ වනුයේ භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රෝනික
භාණ්‌ඩ හා අඳින ලද ඇඳුම්ය. මෙය ඔබට ඔබ පවුලට මෙන්ම ඔබගේ පරිසරයට ද විශාල හානියක්‌ ගෙන දෙන්නේය. මෙම භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රෝනික්‌ භාණ්‌ඩ මොනවාද කියා ඔබ දන්නවාද? එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන්වලට අනුව ඉලෙක්‌ට්රොනික අපද්‍රව්‍ය ලෙසින් සංවර්ධිත රාජ්‍යයන් විසින් වසරකට පාවිච්චි කරනු ලැබ ඇති ඉලෙක්‌ට්රොරනික භාණ්‌ඩ ටොන් මිලියන 40 ක්‌ පමණ ඉවත ලනු ලබයි. මේවා නම් පාවිච්චි කරන ලද, (i) වායු සමීකරණ යන්ත්‍ර, (ii) ගනක යන්ත්‍ර, (iii) කැමරා, (iv) විදුලි බල ධාරක (Capacitors)ල (v) CFL බල්බ, (vi) සංයුක්‌ත තැටි (CD)ල (vii) පරිගණක, (viii) තැටි ධාවන යන්ත්‍ර,
 (ix) වියළි විදුලි කෝෂ, (x) ප්‍රතිදීප්ත බල්බ, (xi) අධි ශීතකරණ, (xii) බහුමාධ්ය‍ පොජෙක්‌ටර් යන්ත්‍ර, (xiii) ගුවන්විදුලි යන්ත්‍ර, (xiv) ශීතකරණ, (xv) රූපවාහිනි යන්ත්‍ර, (xvi) ට්රා‍න්ස්‌ෆෝමර් මෙම භාණ්‌ඩයන්හි විවිධ මූලද්‍රව්‍යයන් හා රසායනික සංයුතීන් විශාල ප්‍රමාණයක්‌ ඇත. ඒවා සමහරක්‌ නම් ෆයිබර්ග්ලාස්‌, මෝල්ඩිං ප්ලාස්‌ටික්‌, තඹ, යකඩ, ඊයම්, ටින්, ඇලුමිනියම්, සිලිකන්, බෙරලියම්, කාබන්, සල්ෆර්, පොලිවිනයිල් ක්‌ලෝරයිඩ් ආදියයි. මීට අමතරව කැඩ්මියම් රසදිය හා කැල්සියම් සුළු ප්‍රමාණයන්ගෙන් ඇත. මෙම භාණ්‌ඩයන්හි ශරීරයට විෂ කාරකයන් ඇති බව ඔබ දන්නවාද? ඒවා සමහරක්‌ නම්, රසදිය - ප්‍රතිදීප්ත බල්බ, ශීතකරණ, තර්මෝමීටර, විදුලි උඳුන්වල, උෂ්ණත්ව පාලකයන්, නවීන පරිගණක යන්ත්‍ර , සල්ෆර් - ලෙඩ් ඇසිඩ් බැටරි, කැඩ්මියම් - ආලෝක
සංවේදී ප්‍රතිරෝධකයන්, නිකල් කැඩ්මියම් බැටරි, ඊයම් - පරිගණක යන්ත්‍රවල හා රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ, ලෙඩ් ඇසිඩ් බැටරි, ඇලුමිනියම් - සියලුම ඉලෙක්‌ට්රොනික ආම්පන්න හා දුරකථන, නිකල් - නිකල් කැඩ්මියම් බැටරි, ලිතියම් - ලිතියම් අයන් බැටරි, රන් - පරිගණක ආම්පන්න හා දුරකථන.
මෙම මූලද්‍රවය‍යන් මිනිස්‌ සිරුරට ඇතුල් වන අතර එය නානාප්‍රකාර ලෙඩ රෝගවලට මග පාදයි. රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ - වකුගඩු හානි, අස්‌ථි හානි, සමේ රෝග, හෘද ක්රි යාකාරිත්වය හා ආමාශයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත් බලපැම් ඇති කරයි. CFL බල්බවල ඇති ඊයම් - ස්‌නායු පද්ධතිය කෙරෙහිත්, වකුගඩු රෝග හානි හා හෘදයේ
ක්‍රියාකාරීත්වය කෙරෙහිත්, ආමාශයේ හා උදරයේ පිළිකා ඇති කිරීම කෙරෙහිත්, රුධිර සංසරණය හා ස්‌වසන පද්ධතිය කෙරෙහිත් බලපෑම් ඇති කරයි. සංයුක්‌ත තැටි පිළිස්‌සීම - පිළිකා ඇති කිරීම, ස්‌නායු පද්ධතියේ ආබාධ ඇති කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කිරීම, එන්සයිම ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑම, ස්‌වසන පද්ධතිය කෙරෙහි
බලපෑම, ප්රීතිශක්‌තිකරණ පද්ධතියට බලපෑම් ඇති කිරීම සිදුවේ.

ඔබ මීට පෙර මේ ගැන අසා තිබුණේද? බොහෝවිට මෙසේ ඔබට පාවිච්චි කරන ලද භාණ්‌ඩ ගෙනඒමට හේතුවී ඇත්තේ ඒවා මුදල් ගෙවීමකින් තොරව ලැබීම හෝ සුළු මුදලක්‌ වැය කිරීම මගින් ලබාගැනීමට හැකිවීම නිසා විය හැකිය. නමුත් ඔබගේ නිවසට භාණ්‌ඩ ගෙන ඒමේදී ඔබ විසින් දැරිය යුතු ගාස්‌තු ගැන ඔබ නොසිතන්නට ඇත. අප විසින් කරනු
ලැබ ඇති සමීක්ෂදණයකදී හෙළිව ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට භාණ්‌ඩ රැගෙන ඒමේදී (එක්‌ ඝන මීටරයක දැව පෙට්‌ටියකට)
දළ වශයෙන් පහත දැක්‌වෙන වියදම් දැරිය යුතුව ඇති බවයි.

1. බඩු ගබඩා කරනු ලබන දැව පෙට්‌ටි සඳහා වන මුදල - රු.1000.00 
2. ශ්‍රී ලංකාව දක්‌වා නැව් ගාස්‌තු - රු.4.600.00 
3. ශ්‍රී ලංකාවේදී මෙහෙයුම් ගාස්‌තුව - රු.4,200.00 
4. ඔබ නිවස දක්‌වා ප්‍රවාහනය පිණිස (කොළඹ අවට) - රු.2,800.00       5. වෙනත් වියදම් - රු.1,000.00                                                      එකතුව - රු.13,600.00

කෙසේ නමුත් ඇතැම් සමාගම් භාණ්‌ඩ ඔබ නිවස වෙත ප්‍රවාහනය පිණිස සියලු වියදම් ද ඇතුළුව (තීරුබදු හැර) (එක්‌ ඝන මීටරයක දැව පෙට්‌ටියකට) රුපියල් 12,000 අතර මුදලක්‌ අය කරයි.එමෙන්ම ඔබ ගෙන එන ලද භාණ්‌ඩ තීරු බදු ගෙවීමට යටත් වන්නේ නම් ඔබට අදාළ බදු මුදල ගෙවීමට ද සිදුවනු ඇති භාණ්‌ඩ කිහිපයකට අදාළ වනු ලබන බදු මුදල් වගුවෙන් දක්‌වා ඇත. (තක්‌සේරු වටිනාකම වැඩිවන විට බදු මුදල වැඩිවේ) ඊට අමතරව ඇතැම් භාණ්‌ඩ එනම්, පාවිච්චි කළ ශීතකරණ, පාවිච්චි කළ අධි ශීතකරණ ආදිය වෙනුවෙන් අදාළ බලපත්රතය
ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යෙදීමට ද සිදුවනු ඇත. ඔබගේ පුද්ගලික භාණ්‌ඩ ලෙසට වටිනාකමක්‌ නොමැති දේවල් රටට ගෙනඒමෙන් ඇති වන්නා වූ බලපෑම ගැන
දැන් ඔබට මනා අවබෝධයක්‌ ඇත. ඔබ වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ රටට ආනයනය කිරීම නතර කරනු ලැබුවහොත් එය, (1) සිය ගුදම් ධාරිතාව මනාව යෙදවීමට නැව් බඩු මෙහෙයුම් සමාගම්වලට හැකිවීමෙන්, (2) ඔබගේ භාණ්‌ඩ නිශ්කාෂණ සඳහා පැමිණි කල පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවන් ලැබීමෙන්, (3) ඔබගේ ගමන් මලු ප්‍රමාදයකින් තොරව පරීක්ෂාක කිරීමේ හා නිදහස්‌ කිරීමේ හැකියාවක්‌ ලැබීමෙන්, (4) විද්යුත් හා වෙනත් කැළිකසළවලින් පරිසරය
ආරක්ෂාවීම තුළින්, (5) විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවීමෙන් ඔබගේ, ඔබ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන්, විශාල සේවයක්‌ වනු ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනුව 2010 වර්ෂය තුළ ආසන්න වශයෙන් 266,000 ක්‌ දෙනා විදෙස්‌ රැකියා පිණිස පිටත්ව ගොස්‌ තිබේ. වටිනාකමක්‌ නොමැති භාණ්‌ඩ රටට ගෙනඑනු ලැබීම අඩු කිරීම තුළින් ඔවුන් රුපියල් 1000 ක්‌ ඉතිරි කළහොත් එක්‌ වසරකට පමණක්‌ රුපියල් 266,000,000.00 කට සමාන මුදලක්‌ විදේශ
විනිමය ලෙස ඉතිරි කරගත හැක. ඝන මීටර් 0.5 ක්‌ ධාරිතාව බැගින් ඔවුන් විසින් ආනයනය අඩු කරනු ලැබුවහොත් රට තුළට වටිනාකමක්‌ රහිත භාණ්‌ඩ ඇතුළුවීම ඝන මීටර 133000 ක ධාරිතාවකින් අඩු කරගත හැකිය. 

එම නිසා සොයුරු සොයුරියනි, අපගේ ආර්ථිකයේ හා පරිසරයේ යහපත වෙනුවෙන් ඔබට කෙතරම් දෙයක්‌ කළ හැකි දැයි මොහොතකට සිතන්න. ඔබට වඩාත් පැහැදිලි කිරීමක්‌ අවශ්යක වන්නේ නම් කරුණාකර රේගු තොරතුරු මධ්‍යස්‌ථානය අමතන්න. (011-2342012) දැනගත හැකි වනු ඇත. 
ගාමිණී විඡේතුංග
නියෝජ්‍ය රේගු අධිකාරි

රංජිත් බණ්‌ඩාර
නියෝජ්‍ය රේගු අධිකාරි

17 comments:

  1. කොච්චරකිවුවත් ඕකනම් රටයනඑකනතරවෙනකම් වෙනවැඩක්නෙමේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.....උදෙන්ම ඇවිත් ගියාට ස්තූතියි....

      Delete
  2. රට ඉන්න අයට වගේම රට යන්න ඉන්න අයටත් සෑහෙන්න වටින ලියවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තුතියි ගොඩවැදුනට....

      Delete
  3. වටින ලිපියක්..... මැද පෙරදිග ඉලෙක්ට්‍රෝනික් සහ පරිඝණක ලංකාවේදි ඉතාමත්ම ඉක්මනින් ක්‍රියා විරහිත වෙනව....ඇත්තෙන්ම මැදපෙරදිග ඇති විදුලි උපාංග ඉතා බාල තත්වයේ තියෙන්නෙ... ලංකාවට ආනයනය කරන විදුලි උපකරන ඊට වඩා උසස්තත්වයක තියෙන්නේ...නමුත් මැදපෙරදිග යන අය සිතන්නේ ලංකාවේ වෙලඳ පොළ තුල ඇති විදුලි උපාංග තත්වයෙන් බාල බවයි...අනික මැද පෙරදිගින් ගෙනෙන විදුලි උපාංග ක්‍රියාවිරහිත වූ වීට අලුත් වැඩියා කිරිමට අවශ්‍ය උපාංග මෙරට වෙළඳ පොලෙ හිඟතාවයක් ඇත...(මම ‍රැකියාව වශයෙන් ඉලෙක්ට්‍රොනික් තාක්ෂනවේදියෙක් බැවින් අත්දැකිමෙන් මෙම ලිපිය ලියුවේ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් වටිනා අදහසක් හෙලිකලාට...ඇත්ත මටත් ඒ අත්දැකීම තියෙනවා...ලංකාවෙ තියෙන සිසිල් වැනි ශීතකරණ වලට වඩා වැඩි ප්‍රමානයක් විදුලියත් වැයවෙනවද මන්ද මැදපෙරදිගින් ගෙනෙන ඒවලට...

      Delete
  4. කාලීන මතෘකාවක් .ඒ වගේම වැදගත් ලිපියක්.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට GW
      මේ පැත්තටත් ගොඩවෙලා ගියාට...

      Delete
  5. Rata idan ena ayata proyojanawath lipiyak. Me pilibada sinhalen liyawunu karunu goral adui.

    ReplyDelete
  6. ඔව් මේ ලිපිය ප්‍රින්ට් කරල ගොඩක් අයට බෙදලත් දුන්න...
    අන්තර්ජාලයට නොඑන අයට දැනුවත් වෙන්න
    ඔබට ස්තුතියි මෙහෙ ඇවිත් ගියාට...

    ReplyDelete
  7. මේ ලිපිය දාපු එක ගොඩක් වටිනවා ,
    සමහරක් වෙලාවට මිනිස්සු උස්සගන එනවා වැඩකට නැති කහල ගොඩවල් ,

    දවසක් එක මනුස්සයෙක් ඇරගන ආවා මලකඩ කාපු මහන මෙෂින් 3ක්ම .
    එව්වා හදන්ඩ නෙමෙයි පරන යකඩවලට හොදයි

    ඉලෙක්ටොනික් බඩු උනත් එහෙට වඩා ලාබට දැන් මෙහෙන් ගන්න පුළුවන්



    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අටම් මලය වැඩ අස්සෙ මේ පැත්තෙත් කරක් ගහල ගියාට...

      Delete
  8. හ්ම්හ්.... අපේ එකාලට තේරෙන්නේ නෑ යාලුවා කොච්චර කිවුවත්. මෙහෙන් ගෙනියන කහල ගොඩවල් දැක්කම දුකත් හිතෙනවා. අපිට කියලා තේරුම් කරන්න බෑ. නිකන් හම්බවෙන ඒවනේ මල්ලි කියලා ඔය දාන්නේ මහ පතරංග පෙට්ටි. ගෙහුං එඤ්ඤං.

    ReplyDelete
  9. ඒ ගැන ආයෙ මොකට කියනවද...මම ඒ හින්දම තමයි ඔය කඩදහිය අච්චු ගහල දන්න කියන ඈයන්ට බෙදලත් දුන්නෙ ඕන්....බොහොමත්ම ස්තුතියි මේ පැත්තටත් ඇවිත් ගියාට

    ReplyDelete
  10. හික් හික් හික් මේ ලිපිය පෙන්වන්න ඕනේ මගේ මාමන්ඩිටයි නැන්දම්මටයි. රටේම තියන කුණු ලංකාවට පටවනවා මෙහෙ පාවිච්චි කරලා ඉවර වෙන දේවල් එයාල කියන්නේ ලන්කාවට් ගිහින් හදල පාවිච්චි කරනවයි කියල. අයියෝ සල්ලි. ඒ උනාට කස්ටම් එකෙන් පිට රට වැඩකරන අයට දෙන සහන අඩුයි.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයත් ඇවිත් තියෙන්නෙ මේ පැත්තෙ
      ස්තූතියි මේ පැත්තෙ රවුමක් ගහපු එකට...

      Delete