-->

Wednesday, February 1, 2012

පීඩනය සහ උපරිම පීඩනය

මේ මට ලැබුන ඊයක් (අජිත්ගෙන්)


ඔබ පාරේ ගමනක් යනවිට ඉතා ලක්ෂන කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
ඔබ අයව මෝටර් රථයට නංවා ගන්නවා. මඳ දුරක් යනවිට ඇය ක්ලාන්ත වෙනවා.
ඔබ ඇයව රෝහලකට ගෙනයනවා.ඇයව පරීක්ෂා කල දොස්තර ඔබට සුබ පතනවා.
"මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්"
දැන් ඔබට පීඩනයක් දැනෙනවා.....
"ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවගේ පියා නොවේ"
ඔබ පවසනවා.
"නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා" ඇය හඩා වැටෙමින් පවසනවා.
දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩී....
සිද්ධිය දුරදිග යනවා.රෝහල් පොලීසිය පැමිනෙනවා. DNA පරීක්ෂණයක් කරන මෙන් වෛද්‍යවරයාට නියෝග කරනවාග DNA පරීක්ෂණය කරනවා. DNA පරීක්ෂනයේ ප්‍රතිපල එනවා. වෛද්‍යවරයා ඔබෙන් සමාව ඉල්ලනවා.
"මොහු අහිංසකයි ....ඇය වංචාකාරියක්..."මොහු ඇගේ දරුවාගේ පියා නොවෙයි. මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ"
එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.
නමුත් ඔබ දෙවියන්ට ස්තුති කරමින් නිවසට එනවා. නිවසට ලඟාවන ඔබට බිරිඳ දුරකථන ඇමතුමක් දෙනවා.
"ඔයා එනකොට දුවවයි පුතාවයි ඉස්කෝලෙන් අරන් එනවද"
රෝහලේදී ඔබට මතක් නොවුන දෙයක් මතක් වෙනවා.
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගේ දරුවන්ගේ තාත්තා කවුද?"
දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා....


4 comments:

  1. හිහ්.... අයේ ඉතින් මොන කතාද.. ?

    ReplyDelete
  2. කාටද වැරැදුනේ..ඇඬේනවා තනිඇහැට....

    ReplyDelete
  3. අඩේ... මාර පොස්ට් ඒක.සිරා මැඩියෝ..

    ReplyDelete
  4. හප්පච්චියේ එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක්

    ReplyDelete