-->

Saturday, January 7, 2012

නංගිට හරිගිහින්.......

අලුත් අවුරුද්දෙ පහුගිය ටිකේම කෙරුවෙ බ්ලොග් ගම්මානය පුරාම ගිහින් හැමෝගෙම පෝස්ට් වල තිබුන අවුරුදු සුභපැතුම් වලට එසේම වේවා කියන එක විතරමනෙ.
මාසෙකට එකක්වත් අඩුමගානෙ නොලිව්වොත් ඉතින් මේ අටවගත්තු ගෙඹි විමානෙට පස් පුරවල වහල දාන්නනෙ වෙන්නෙ. 
ඒ හින්ද ඔන්න හාපුරා කියල ජනවාරි මාසෙට ගෙම්බා හීනියට එකක් කොටන්න ගත්තා.

මීට කලින් මම වැඩකරපු තැන මට නවාතැන් පහසුකම් සපයා තිබුනේ නගරයේ ඇතුලත ටිකක් විතර ඉහල පැලැන්තියේ නිවාස පිහිටා තියෙන පලාතකින්.
ලංකාවෙ හැටියට කියනවනම් කොළඹ කුරුඳුවත්ත පැත්තෙ වාගෙ.වසර දෙකක කුලී පදනමකට කුලියට අරගත්තු තට්ටු හතරක් තියෙන විශාල නිවසක උඩම තට්ටුවෙ පාර පැත්තට තියෙන තනි පුංචි කාමරයක්  තමයි මට ලැබුනේ. ඒකට අවශ්‍යම  කරන අඩුම කුඩුම ටිකත්  එක එක හොයාගෙන මගේ පුංචි තනිකඩ මාලිගාව හදාගත්ත.මම කියන පිලිවෙලට ඒක හරියට මැවෙන්නෙ නැත්නම් පොඩි පොටෝ එකක් දාන්නම්කො  



මම ඉන්න තැනට කිට්ටුව විශාල නිවසක ගෘහ රියදුරු රැකියාවක් කරන ලංකාවෙ කෙනෙක් මම උදේ හවස වැඩට යන එන වෙලාවල් වලදි මාව දැකල කතා බස් කරල මාත් එක්ක හිතවත් වෙලා හිටිය.
එයා වැඩ කරපු ගෙදර ඒ හැටි කරදර තැනක් නොවෙයි. මහ විශාල ගෙයක් වුනාට ඒ ගෙදර ඉන්නෙ ස්වාමිදුවයි පාසල් යන වයසෙ (අවු; 8 ක විතර )පිරිමි දරුවෙක් සහ ගෙදර වැඩට කාන්තාවකුත් විතරයිලු. 
මගේ මේ අසල්වැසි මිත්‍රයා කියපු විස්තරයට අනුව මේ ගෙදර පිරිමි මනුස්සය මෙහෙට එන්නේ සතියකට වතාවක් විතරයි.ඒ ආවත් ගේ ඇතුලට වදිනව විතරයිලු දකින්නෙ.පිටවෙලා යන වෙලාවක් දන්නෙ නෑ උදේ බලනකොට මිනිහ නෑ. ඒකට හේතුව ඒ මනුස්සයගේ කසාද බිරිඳට හොරෙන් පවුල් කන අනියම් බිරිඳලු මෙහේ ඉන්නෙ. ඒ ස්වාමි දුවගේ ලමය ස්කෝලෙට ගෙනියන ගේන එකයි ඒ බවලතාව දැලේ දාගන්න එන අනිත් ගොබිලන්ගෙන් ප්‍රවේසම් කරගෙන හන්දෑවට සාප්පු සංකීරණ පුරා එක්කගෙන යන එක විතරයි මෙයාට කරන්න තිබුන රාජකාරිය
කියන්න යන කතාව මේක නොවෙයිනෙ...
මගේ ඔය අසල්වැසි හිතවතා දවසක් මගෙන් උදව්වක් ඉල්ලුව. හිටිය ගමන් ඇවිත් පඩිය තවම ලැබුනෙ නෑ කියල ගෙදරට යවන්න මගෙන් සල්ලි එහෙම නයට ඉල්ලනවා. කෙනෙක් උදව්වක් ඉල්ලන්නෙ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නිසා මගේ ලඟ නොතිබුනොත් කාගෙන් හරි ඉල්ලගෙන හරි මම මිනිහට දෙනව.

" කියන්න දයාසිරි මොනවද කෙරෙන්න ඕනා"
මගෙ අතෙත් එදා සල්ලි නොතිබුනත් කාගෙන් හරි ඉල්ලගෙන දෙන්න මට පුලුවන් නිසා මම දයාසිරිට අනුබල  දුන්න.
"මට පොඩි කතාවක් ලියල දෙන්න මහත්තයො.."
කතාවක්? මේ මනුස්සයා කාටද මේ රටේ කතාවක් කරන්න හදන්නෙ එම්බසියෙවත් මොනව හරි උත්සවයක් තියෙන බවට ආරංචියක් එහෙම තිබුනෙත් නෑ .
එහෙම හිත හිත මම දයාසිරිගෙ මූන දිහ බලාගෙන හිටියා
 "මගේ නංගි ගාමන්ට් එකකනෙ වැඩට ගියේ.
යන එනකොට පස්සෙන් ඇවිත් කොල්ලෙක් ඒකිව දැලේ දාගෙන"

"ඉතින්"

ඒකි කියල ගෙදරට ඇවිත් අම්මලගෙන් අහන්න කියල.

"එහෙම නේන්නම් වෙන්න ඕනෙ" මම කටින් එහෙම කියල හිතෙන් හිතුවෙ "නංගි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති" කියල.
"අම්මා කැමති වෙලා කොල්ලට. අම්මා කොල්ලට කියල උගේ දෙමවුපියො එක්කාගෙන එන්න කියලා."

''දැන් ටික දවසකට කලින් කොල්ලගෙ දෙමව්පියො දෙන්නා අපේ ගෙදරට ඇවිත් නංගිව ඉල්ලල. ඒ අය අපිට වඩා යමක් කමක් තියෙන උදවිය.''

"කොල්ල කුලියට ගත්තු දෙමව්පියො දෙන්නෙක්ද දන්නෙ නෑ එක්කගෙන ඇවිත් තියෙන්න" මම එහෙම කිව්වෙ නෑ හිතුනට. දයාසිරිගෙ හිත රිදුනොත්.

මම මොකුත් නොකිය අහගෙන හිටියා. දයාසිරිගෙ වෙනදා තිබුන සැහැල්ලු පෙනුම අද නෑ. මහා බරක් හිසමත තියාගෙන ඉන්නව වාගෙ හිත ඇතුලෙ තියෙන නොඉවසිලිවන්ත කම මූනෙන් බේරෙනවා කියල මට හිතුනා.

දයාසිරි මට කියපු විස්තරේ ඉතුරු හරිය
වෙන දවසක කියන්නම්.....



 


10 comments:

  1. අඩේ... උඹත් නිකන්.. ලංකාවෙ TV කාරයො වගේනේ... කතාව නැගලා යනකොට... එක්කො ඇඩ් එකක් දානවා.. නැත්නම් මතුසම්බන්දයි කරනවා... ශිඃ ආතල් එක කෑවා... දැන් ඉතින් බලන් හිටපල්ලකො ඊලඟ එක එනකම්...

    ReplyDelete
  2. මෙගා නොවේවා..!! ඉක්මනින් ලියවේවා...!!

    ReplyDelete
  3. ඔන්න මම විසිවෙනියා විදිහට කාන්තාරෙට සෙට් උනා..

    ReplyDelete
  4. @Senna....එහෙමනෙ හොඳ...ආතල් කඩින් කඩ දෙනකොට කොහොමද? ආතල් අල්ලගෙන ඉන්නත් පුරුදුවෙනවනෙ..ඇවිත් ගියාට තුති....

    @Chaminda‍‍...ඇවිත් කියවල වචනයක් කොටල ගියාට ස්තුතියි...
    අම්මො මෙගා නොවෙයි...මේ ඩිංගියක්....

    ReplyDelete
  5. ස්ක්‍රීන් එකෙන් අතදාලා දෙකක් දෙන්න හිතුනා..මොනවද බං ආතල් කඩන්නේ.දන ආයෙත් මුල ඉඳල පටන් ගැන ඕන නේ.චික්;

    ReplyDelete
  6. අනේ වැලි මැඩියෝ...මදි මදි...ලිව්වෙත් කාලෙකින්, ඒකත් බාගෙට ලියලා... :( ඔන්න ඉතුරු කොටස ලියන්න තව මාසයක් ඉන්නවා එහෙම නෙවෙයි..

    ReplyDelete
  7. @ අසරණයෙක් නොවන අසරණයා....
    සමාව භාජනේ වේවා! තේරෙනවා තේරෙනවා අනේ මක්ක කොරන්නද ඉතින්..‍..

    @ සයුරී
    කෙලියයි බිග් කිං‍‍‍....(රහසින්) සයුරි නෝනා බලන් ඉඳල........ මං හිතුවෙ දැන් අමතක වෙලා ගීන් ඇති කියල...
    විලි ලැජ්ජාවයි...
    එහෙමයි එහෙමයි ආයිබෝං මේ කොටනවා... මේ කොටනවා..

    ReplyDelete
  8. විස්තරේ ඉක්මනටම දාන්නකෝ...නිකං ඇඩ් එකක් දාලා නැවැත්තුවා වගේ තමයි....

    ReplyDelete
  9. පුන්චි කාමර පොඩ්ඩ.ඔයවගේ එකක හිටවුනාම හිතෙන දේවල් අපිත් දන්නව

    ReplyDelete
  10. @ඔබ නොදුටු ලොවක්

    ඉදිරිපෙල බ්ලොග් උන්නාන්සේ කෙනෙක් වූ ඔබ තුමාගේ මේ පැත්තට ඔලුව දැමීම අපට මහත් ආඩම්බරයක් ස්තුතියි.
    අනේ ඉතින් ටිකක් චෑන්ස් දෙන්ටකෝ ගෙඹි ගමනනෙ...හෙමින් එන්නම්කො........

    @කස්ස....
    අනේ ඔව් මචන්... මේ ජීවිතේ ගැන දන්න ඔයාල වගේ අය මේ විදියට අපේ තැන් වලට ආවාම හිත හැදෙනව.
    ස්තුතියි ඇවිත් කොටල ගියාට.

    ReplyDelete