-->

Sunday, December 4, 2011

පෙරේතකම

මැඩිය විමානේ අටවා ගත්තාට මොකද කිසිදෙයක් තවමත් ලියන්න බැරිඋනානේ.

නිදහසට කාරණා නම් කියන්න යන්නේ නෑ නොලිය ඉන්න අනිත් අයට කට්ටිය බැනල තියෙන හැටි දකින නිසා.
කොහොම උනත් ලියන්න ගත්තු ටිකත් බ්ලොගයේ ඩ්‍රාෆ්ට්  එකේ එහෙම පිටින්ම මුල් ඇදල පැලවෙලා
හින්ද ඔන්න මගේ අජිත් දිසානායක කියල යාලුවෙක් මට එවපු ඊයක තිබුන කතාවක් පෝස්ට් කරන්න හිතුව
මේකත් ඉතින් ඔය හුඟක් අය දැකල කියවල ඇති. ඒත් නොදැකපු අයත් ඇතිනේ මමනම් දැක්කෙ අදමයි......
රසවත් නිසා බෙදාගන්න හිතුවා....

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා. මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල්දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා. මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස,

¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය හැක්කේ එක් වරක් පමනයි.
•මෙම සාප්පුව මහල් 6කින් සමන්විත වේ.
•මහල් ඉහලට යන විට ඒ මහලේ සිටින පුරුෂයන් ‍ගේ සුදුසුකම් ඉහල යයි.
•ඔබට එක් මහලකට ගිය විට කල හැක්කේ ඒ මහලෙන් පුරුෂයෙක්  තෝරා ගැනීම හෝ ඉහල මහලට යාම පමනයි.
•ඔබට නැවතත් පහත මාලයකට යා නොහැකි අතර කල හැක්කේ සාප්පුවෙන් පිටවීම පමනයි.
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

ඉතින් ඔන්න ලසසන කාන්තාවක් දවසක් මේ සාප්පුවට ගොඩ උනා ස්වාමි පුරුෂ‍යෙක්  මිලදී ගන්න.
පලමු මහලට ඇතුල් වෙන තැන දොරේ මෙහම බෝඩ් එකක් ගහල තිබුනා.

►පලමු මහල:     මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය.

පලමු මහලේ වටයක් ගියපු කාන්තාව දෙවනි මහලට ගියා,දෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේත් බෝඩ් එකක් ගහලා තිබුනා.

►දෙවනි මහල:-   මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි.      

දෙවනි මහලෙත් වටයක් කැරකුනත් හිතට හරි නොගිය නිසා මෙයා තුන් වෙනි මහලටත් ගියා,තුන් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහල තිබුනු බෝඩ් එකේ ගහලා තිබුනේ මෙහම කතාවක්.

►තුන්වෙනි මහල :-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය.

තුන් වෙනි මහලේ වට 2ක 3ක් මෙයා කැරකුනා..ගොඩක් කඩවසම් පුරුෂයෝ දැකලා දෙතුන් පාරක් "ෂා..." කියලා කියවුනත් මෙයා හතර වෙනි මහලටත් යන්න තීරනය කලා.
සුපුරුදු පරිදි හතර වෙනි මහලට ඇතුල් වෙන දො‍රෙත් බෝඩ් එකක් තිබුනා.

►හතර‍වෙනි මහල:-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය, කුඩා දරුවන්ට බෙහෙවින් ආදරේ කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදරෙ දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි.

"අනේ දෙවියනේ මේ ලෝකේ මෙහම පිරිමිත් ඉන්නවාද..." කියලා හිත හිතා හතර වෙනි මහලෙත් වට 3-4ක් කැරකුනා.අන්තිමේදි මෙයා පස්වෙනි මහලටත් යන්න පිටත් උනා. පස් වෙනි මහලට ඇතුල් වෙන දොරේ ගහලා තිබුනේ මෙහෙම බෝඩ් එකක්.

►පස්වෙනි මහල:-    මෙහි සිටින පුරුෂයන්ට රැකියා ඇති අතර ඔවුන් ආගම දහමට ලැදිය,කුඩා දරුවන්ට   බෙහෙවින් ආදෙර් කරයි,බෙහෙවින් කඩවසම්ය,ගෙදර දොරේ වැඩ කටයුතු වලට උදව් කරයි,සෑම
 දිනකම භාර්යාවට තෑගිබෝග ලබා දෙනු ඇත.

පස්වෙනි මහලේ නම් මෙයා වට 10ක් 12ක් කැරකුනා..සමහර වෙලාවට ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා...අනාගත සැමියා ගැන සිහින මැව්වා.ඒත් මෙයාට හිතුනා අන්තිම මහලටත් ගිහින් බලන්න ඕනි කියලා.
අන්තිම මහලට ඒ කියන්නේ හයෙවනි මහලට ඇතුල් වෙන තැන දොරේ ගහලා තිබුනේ අමුතුම විදියේ බෝඩ් එකක්,ඒකෙ මෙහමයි තිබුනේ.

►හය වෙනි මහල:    ඔබ මෙම මහලට ඇතුල් වන 4758943 වන කාන්තාව වන අතර මෙම මහලේ කිසිම පුරුෂයෙක්  නොමැත.මෙම හයවෙනි මහල පිහිටුවීමේ එකම අරමුණ නම් කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි.
ස්වාමිපුරුෂයෙක් මිලදී ගැනීමට අප සාප්පුවට පැමිනි ඔබට ස්තූතියි!!!

කොල්ලොන්ට→ බලලා හිනා වෙන්නයි
කෙල්ලොන්ට → තමන් ගැන සත්‍ය දැන ගන්නයි

16 comments:

  1. කතාව සහතික ඇත්ත.ගෑනු කවමදාවත් ළද දෙයින් සතුටුවෙන ජාතියක් නෙමේ

    ReplyDelete
  2. he he...ela kiri

    gembiyoth mehemada danne na neda :)

    ReplyDelete
  3. මට ඔබතුමාගෙන් උපදෙසක් ඕන...
    පුළුවන් නම් මට ඊ මේල් එකක් එවන්න
    gloriosa90@gmail.com

    ReplyDelete
  4. @Gordinia
    උපදෙසක්?....ඔබතුමා වගෙ කෙනෙක් මේ මං මැඩියගෙන්....?
    හා හා කිව්වනම් බලන්න. වැලිකතරෙ මලක්නම් තවම දැක්කෙ නෑ පුතෝ...
    nmpdesertfrog@gmail.com

    ReplyDelete
  5. සිරා කතාව!
    හැමෝම එකයි මෙහෙම බලද්දි!!

    ReplyDelete
  6. @Gordonia ඊ මේලක් තියෙනවා කෝ උපදෙස දුන්නෙ නෑනෙ කියල
    කොමෙන්ටුව පේන්නෙ නෑනෙ මල්ලී...මොකක්ද ලෙඩක් හැදිල වාගෙ...තවත් කොමෙන්ටුවක් අතුරුදන් වෙලා
    ඔබතුමාගෙ ඊයක් ආවෙත් නෑ

    ReplyDelete
  7. පිරිමි නම් කවදාවත් ගැනුන්ගේ හොදක් දකින්නේ නැහැ!ගැහැණු කථා කරනවා වැඩි... කිවුවට වැරදි කියන්න කටවල් ඇරෙන්නෙම පිරිමින්ගේ!ගැහැණු තමන්ගේ කථා කිය කිය යන්නේ නැති නිසාම පිරිමි හිතන් ඉන්නේ අපි තමයි රැවටිලා තියෙන්නේ මුන් හොදට ඉන්නවා අපිව රවට්ටලා කියලා!එත් හොදට ඇහැ කන ඇරලා බල්ලන්න රටේ ලෝකේ දිහා, එකේ අනිත් පැත්තයි හැම දාමත් උනෙත්!වෙන්නෙත්!එත් ගැණු අපි නිහඩයි!! ඒ මෙහෙවූ සමාජෙක කථා කරලත් වැඩක් නැති නිසා!

    ReplyDelete
  8. මගේ මේල් බොක්ස් එ‍කේ කොමෙන්ට්ස් ආපුව තියෙනවා පෝස්ට් එකට ඒවා එන්නෙ නෑ හේතුව කවුරු හරි මට කියනවද කරුණාකරල

    ReplyDelete
  9. @ Nelum
    අනේ මන්ද නෙලුම් ලමයට තරහා ගිහින්ද මන්ද...
    එහෙමමත් නෑ නේද.. ගෑනු පිරිමි ඔය දෙගොල්ලම එකයි..
    රහමෙර ටිකක් පෙන්නල මරන්න වුනත් දක්කගෙන යන්න හැකි පිරිමි ඕනතරම් ඉන්නෙ...
    ඉතින් ටිකක් වැඩිය බර ස්ත්‍රී පැත්තට තමයි ඒක ඉතින් සොබාදහමනෙ
    ගනන් ගන්න එපා එය කොල්ලො හදන කොලු කතා...

    ස්තුතියි මේ පැත්තට ඇවිත් හය්යක් වුන එකට..

    ReplyDelete
  10. check comments spam section...
    blog > dash board > comments > spam
    then email wagema karanna

    ReplyDelete
  11. @ Gordonia
    Thank you for the advice
    I Checked.. no any Spam massages
    anyway I think too many Gadgets here in my Blog. I removed some of them.

    ReplyDelete
  12. කේන්ති යනවා නේන්නම්! මේකේ තියෙන්නේ හරියට මේ ලෝකේ කිසිම ගැණියෙක් හොද වෙන්න බෑ කියන තර්කෙටනේ! පිරිමින්ට තමයි ලැබෙන කෙල්ලගෙන් සැනසෙන්න බැරිව අන්තප්පුර ඕනේ කරන්නේ... ගැණුන්ට නෙවෙයි! හරිද මැඩියෝ!:P

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම් මට නම් හිතෙන්නේ ඕක ගෑනු, පිරිමි දෙගොල්ලන්ටම අදාලයි.........

    ReplyDelete
  14. ගෑණු එහෙමලු.

    ReplyDelete
  15. ඇත්ත කතාව... එල එල මැඩියෝ..

    ReplyDelete
  16. @ නදීර
    @ Najith මේ පැත්‍‍තෙ ඇවිත් ගියාට බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ලාට

    ReplyDelete