-->

Friday, November 18, 2011

නැවතත් " ගෙම්බො "

"මේ කාලෙට වැස්සනෙ...ගෙම්බන්ගෙ සංගීතේ පටන් ගන්න  කාලේ...දිල්ටත් ඇහෙනවා ගෙම්බන්ගෙ බක බක සංගීත නාදේ...එක එක තාලෙට... එක එක තාලේ ගෙම්බන්ගෙන්......"

මගේ පපුව ගැහෙන්න තියාගත්ත ඒ බ්ලොගය කියවද්දී. 
පෙරුම් පුරාගෙන ඉඳල තටමල තටමල මම හදාගත්ත බ්ලොග් එකට දාගත්තේ Desertfrog  කියල නමක්. 

අවරුදු ගානක් තිස්සේ වැලි කතරටම කඹුරලා ජීවිතේ  දියවෙලා ගෙම්බෙක් වගේ වෙච්චි නිසා ඒ නම හොඳටම ගැලපෙනවා කියල හිතාගෙන බොහොම උජාරුවෙන් ඉඳල  බ්ලොගය හිස් අතින්ම එලියට දැම්ම විතරයි. 

මෙන්න මට කෝචෝක්   එකක්.   

"අර කිව්වත් වගේ අපේ අතරත් එක එක තාලේ අමුතු ගෙම්බෝ මොන තරමක් ඉන්නවද...නිකම් ඉන්න බැරුවට බඩ පුම්බලා උඩ පනින උන් ද....කොහෙට හරි වෙලා " බක බක " ගාන උන්ද...ආයෙ ඉතින් ගෙම්බන්ට වෙන වැඩක් තියෙන එකක්යෑ බක බක ගානවට වඩා..... " 

මට හිතාගන්නත් බෑ මේ අවකාසේ එකතුවෙලා ඉන්න කට්ටියට දිවැස් තියෙනවද කියල. 

අවකාසේනේ සැරිසරන්නේ. 

එක එක තාලේ අමුතු ගෙම්බෝ පනින්න පටන් අරන් කියල ඔන්න ගෙම්බෝ ගැනම ලියල දාලනේ. 

"සුන්දර කන්ද උඩරටින්" බ්ලොග් අවකාසේ තරණය කරාපු දලකාරියක් ගෙම්බව චප්ප කෙරුව කියලම තමයි එක පාරටම හිතුනේ. 

මං වගේ බ්ලොග් කන්ද නගින්න පටන් ගත්තු කෝඩුකාරයෙක් කිව්වානම් ඒත් කමක් නෑනේ.  

යකඩ හිතක් තියෙන බොහොම සරල කෙනෙක් වෙච්චි දිල් ඇත්තිගේ ලස්සනට ලියවෙච්චි ලිපි ඒ වෙනකොට කියවන්න පටන් අරගෙන තිබුනේ මම. එව්ව හරිම ආසාවෙන් කියෙව්වෙ. මේ ඉසව්වෙ ජනප්‍රියම චරිතනේ.  
ඒ හින්දමනේ ඒ තරමට බය හිතුනේ.  

ඇත්තටම ඒක හරියට අර ‍කරන්න බැරි දේවල් කරන්න යනකොට දැනෙනවා වගේ බයක්නෙ. 

පිටින් එහෙම දැනුනට හිත ඇතුලෙන් දැනගෙන හිටියනෙ බ්ලොක් ලෝකයේ එකට එක්කාසු වෙලා ඉන්න දැවැන්තයෝ ටික අපි වගේ අයට හැකිපමනින් අතදෙන හිත හොඳ ‍ස‍හෟදයන් පිරිසක් කියල.

ආධුනික අය වුනත් සහෝදර බැම්මකින් බැඳිලනෙ ඉන්නෙ.   

හැමදෙයක්ම වෙන්නෙ හොඳට කියල ගත්තම ඒකත් හොඳයි. දිල් නෝන වගේ ඉදිරි පෙල ක්‍රීඩා කරන පලපුරුදු කෙනෙකගෙ උදව්වෙන්ම ඔන්න මමත් පිටියට බැස්ස. 

කුලුඳුල් පෝස්ට් එක දාන විදිහ හිත හිත ඉන්නකොට එහෙම කෙනෙක්ගෙ අත්වාරුව ලැබුන එකත් ගෙම්බ දියට දාන්නද කියල ඇහුව වගේ එකක්නෙ. ...ආ සොරි සොරි ඒ ඉබ්බ නේ... 

මගේ අම්මෝ මම හිතුවා මම විතරයි ඉන්නේ කියල මේ ලෝකෙටම. බලාන යනකොට ගෙඹි වර්ග 25000 ක් විතර ඉන්නවලු.

දිල් නෝනා එහෙනම් දාගන්න වැලිකතරින් එලියට ආපු වැලිගෙම්බත් එක්ක 25001 ඕං  එහෙනම්.....


ගිහිල්ලම බැලුවනම්..... .එක එක තාලේ අමුතුම " ගෙම්බෝ "


10 comments:

  1. හික්..මෙතන කවුරුත් ලොක්කොත් නෑ..පොඩ්ඩොත් නෑ..බොක්කෙන් ජීවිතේ ලියපං එච්චරයි උවමනාව.එතකොට කට්ටිය ඇවිත් යයි.

    ReplyDelete
  2. //අරාබිකරයේ ඔටුවෙක් සේ වැල්ලටම වියපත්ව වැලි-මැඬියෙක් බවට පෙරලුන තවත් එක ජීවිතයක්........//

    වෙලේ , මඩේ , ගඟේ , දොළේ ඉන්න ගෙම්බන් ගස ගෙවල් වල අදුරු මුළු වල ඉන්න මැඩියන් ගැන මිසක. මේ සොඳුරු නම් ඔය වැලි ගෙම්බන්ව දන්නෙ නැහැ...

    බලමු කො වැලි ගෙම්ඹවත් යාලුවෙක් කරාන..

    ජයෙන් ජය... හොඳයි හෙනම් දිගටම මේ පැත්තේ එන්න හිතාන ඉන්න නිසා ලියමු බලන්න.

    යර්ඩ් වෙරිෆිකේශන් අයින් කරොත් හොඳයි වගේ නේද?

    ReplyDelete
  3. බොක්කෙන්ම පිලිගත්තට කස්සට මගේ රිස්ස...
    ඔහොම කියනකොට මොනතරම් හයියක්ද

    ReplyDelete
  4. වාසනාවන්! වාසනාවන්! පළමු උපදේසයත් සොඳුරු සිතකින්. word verification අයින් කලා. ඇත්ත නේන්නම්. නොදන්නා දේ එමටයි. දකින අඩුපාඩු, වැරදි, ලෝබ නැතුව කියල දෙන්න කියල සොදුරු සිතෙන් ඉල්ලනවා.

    ReplyDelete
  5. ඔන්න මාත් වැලිමැඩියා අයියගේ බ්ලොග් එකට ගොඩ වැදුනා. මාත් ඔය දිල් අක්කෑ ගෙඹි පෝස්ට් එක කියෙව්වා.

    දිගටම ලියන්න අයියා.

    ReplyDelete
  6. මාත් ඔන්න පාර හොයාගත්තා සොඳුරු සිත බ්ලොග් එකෙන්....මම හිතන්නේ මේ බ්ලොග් අවකාශේ ඉන්න සත්තු සෙට් එකට ගෙම්බෙක් විතරයි අඩු වෙලා තිබුනේ :)) දැන් ඒකත් හරි එහෙනම්...

    ReplyDelete
  7. සිතක සංකල්පනා මවන මදුරංග මල්ලි මගේ විමානෙටත් ගොඩවැදිලා ගියාට හිතේ මල්......

    ඉමක් කොනක් මනින්න බැරි බ්ලොග් අවකාසේ යට සයුරක් වෙන්නට වාසනාව තිබුන සයුරි මගේ ගෙඹි විමානේටත් ගලාගෙන ආපු එකත් කොච්චර එකක්ද

    ReplyDelete
  8. සොසී පෙන්නපු පාර දිගේ ඇවිත් කියෙව්වා..

    ReplyDelete
  9. (@Weni)
    ඇවිත් ගියාට පින්! සොසීටත් එක්කම.
    මමත් පැන්නා. පොතුයි- ලියන්නයි බලන්න....

    ReplyDelete
  10. ඔන්න මාත් ආව කවුද මේ වැලි මැඩියා කියල හොයල බලන්න. ජයවේව!

    ReplyDelete